උදෑසන ළා හිරු කිරණ ඇතුගල්පුර් නගරය සිප ගනිමින් තිබිණි,එය එක තවත් එක් දිනයක ආරම්භය සනිටුහන් කලේය.සුපුරුදු පරිදි බස් රථය ගමනාන්තය වෙත ළඟා විය.
"අඩෝ උඹ බස් එකෙන් බහින්න එහෙම කල්පනාවක් නැද්ද යකෝ" මම කෝපයෙන් මුරගෑවෙමි.
"පිස්සුද බං,අර බලපන්කෝ අර කෑල්ල,පට්ට නේද?"
ඒ ඉසුරු ගේ හඬයි,මට වඩා වසර දෙකකින් පමණ වයසින් බාල උවත් අපි සම වයසේ මිතුරන් මෙන් ඇසුරු කළෙමු.ඔහුගේ හඬත් සමගම මම පිටුපස හැරී බැලීමි.
ඇය සුන්දර විය යුතුය...නැත නැත,සිරාවටම ඇය හැඩය.ලා රෝස පැහැති බ්ලව්සයත් ඇඟටම ඇලෙන ලෙස ඇඳ සිටි ඩෙනිම් කලිසමත් ඇගේ සවභාවික සුන්දරත්වය දෙගුණ තෙගුණ කර තිබිණි.බ්ලව්සය ඉදිරිපසින් මඳක් පාත් වී තිබූ බව දැනගෙනදෝ ඇය තම නිල්වන් කෙස් වැටිය වම් උරහිස මතින් ඉදිරියට කඩා හැලී ළැම පෙදෙස ආවරණය වන ලෙස සකස් කරගෙන තිබිණි ,වයස අවුරුදු දහ අටක දහ නවයක තරම් පෙනුමක් ඈ වෙතින් දිස්විය.
"බැහැපං බැහැපං බස් එක නැවැත්තුවා"
ඉසුරු මා පිටුපසින් තල්ලු කරමින් සිටියේය.
"මේ උඹ බැහැල ඉස්කෝලෙටම පලයං හරිද,අර කෙල්ල පස්සෙ එහෙම යනවා නෙවේ ඔන්න,මේ උදේ පාන්දර සෙවල හලන්නෙ නැතුව ඉස්කෝලෙට ගිහින් ඉගෙනගනින්"
මම ඇසක් ඉඟි මරමින් පැවසීමි.
"අපෝ උඹ නම්,අපි ඔය ලස්සන ගෑල්ලමයෙක් දැක්කාම පස්සෙන් යන්නෙ වෙන මොකකටවත් නෙවේ බං,එයාගෙ ආරක්ෂාවට,මේ සමාජෙ හරි කූරයි නේ බං."
"මම උඹට කිව්වයි කියලා හිතාගනින්"
බසයෙන් බැසගත් මම කොල පැහැ තීන්ත ආලේප කර තිබූ පඩිපෙළ වෙත පිය නැඟුවෙමි.සැමවිටම කුකුළා අතේ තියාගෙන class යෑම මට නුහුරු කටයුත්තකි.රවිඳු ගේ පෙරැත්තය නොවන්නට මම මේ සා උදෑසනක class යෑම සඳහා පැමිණෙන්නේ නැත.නමුත් ඒ වන විට ඔහු පැමිණ සිටියේද නැත.සිතට නැඟුනු දහසක් දේ වචන වලට නොනඟා මම ඔහුට ඇමතුමක් ලබා ගතිමි.
"මේ,ගුඩ් මෝනිං,උඹ කොහෙද බං ඉන්නේ,මම දැන් පැය බාගයක් විතර වෙනවා මෙතන."
සැබවින්ම මම උදෑසනම පන්සිල් පදයක් කඩ කළෙමි,කමක් නැත.තාම පංසිල් ගත්තේ නෑ නේ කියා මම සිත සාදා ගතිමි.
"ඉක්මනට එනවා බං,මම යන්තම්පලාවෙ traffic එකට අහු වෙලා ඉන්නේ"
"බැහැල පයින් හරි වරෙන් යකෝ ,ඕන වෙඩිං එකක්,ඉක්මනට වරෙන් කොහොමහරි."
දුරකතනය විසංධි කර සාක්කුවේ ඔබාගත් මම වට පිට බැලීමි.ඊළඟට දුටු දෙයින් මට දෙනෙත් අදහාගත නොහැකි විය.හිතවත් පාඨකය,අර බසයේ සිටි සුන්දර යුවතිය මට මීටර් කිහිපයක් නුදුරෙන් සිටගෙන සිටියාය.ඇගේ රෝස පැහැ දෙතොල් උදෑසන හිරු කිරණින් ප්රබෝධමත් වූ රෝස මලක් මෙන් පිබිදී තිබිණි.ඇය කවුරුන් හෝ පැමිණෙන තුරු සිටිනවා විය යුතුය,
ඇගේ යටි තොලේ වම් පස කලු පැහැ ලපයක් පිහිටා තිබිණි,එක්වරම මට මතක් වූයේ වරක් මගේ මිතුරෙකු විසින් යටි තොලේ උපන් ලප ඇති ගෑල්ලමයි ගැන කී කතාවකි,එය අපි අමතක කරමු,මන්ද මෙමෙ බ්ලොගය කියවන යටි තොලේ ලප ඇති ගෑල්ලමයි අස්පට් යා හැකි බැවිනි,අපි නැවතත් කතාව දෙසට හැරෙමු.
ඇය හැඩය,ඇයගේ අඩුවක් නොමැත....ඇය චාම් විලාසිතා අනුගමනය කරන්නියක් බව පෙනේ,අම්මා කැමති වේවිද,මගේ නම් අකමැත්තක් නැත.
මා ඇයට ලාවට සිනාවක් දැම්මෙමි,වැඩේ ගොඩය .. ඇයද ලාවට සිනාසුනාය.මම නැවත වරක් ඇය දෙස බැලීමි,පුදුමයකි,ඇගේ නිල්වන් දෑස තවමත් මගේ දෑස අතහැර නැත.මේ දවස් වල සිකුරා නලලටම ගසා ඇති සැටියකි.එක්වරම ඇය මා අසලට පැමිණ ඇඟේ ගෑවෙනනොගෑවෙන ගානට නැවතුනාය.මා ඉහළට ගත් හුස්ම පොද තාමත් එසේමය.
"ගුඩ් මෝනිං අයියේ,ඔයා ඉස්කෝලෙ ගියේ ****** නේද?"
ඇය මා ගැන දන්නා සෙයකි,මගේ සිත දහසක් හැඟුම් වලින් පිරී ඉතිරී යන්නට විය.
"ඔව් නංගී,ඔයා මාව දන්නවාද?"
"ම්ම්ම්ම්ම්.......ඔයා කීර්ති සර් ගෙ class ආව නේද? කුසල් අයියගෙ යාලුවෙක්නේ"
ඇය මඳ සිනාවක් පාමින් පැවසුවාය.මැය මා ගැන බොහෝ කාලයක පටන් උනන්දු වී ඇති බව පෙනේ,මෙය මා කාලයක් බලා සිටි ඒ අසිරිමත් මොහොත නොවේද,මගේ සර්වාංගයම කිලිපොලා යන්නා සේ දැනිණි,එක්වරම ජංගම දුරකතනය නාද වන්නට විය.
"හෙලෝ"
"හෙලෝ,උඹ කොහෙද ඉන්නේ? "
මා සිටින තැන මිතුරාට පැවසිය නොහැක.එසේ උවහොත් ඔහු මෙතැනට පැමිණ සියල්ල අවුල් කරනු ඇත .කොල්ලන්ගේ හැටි එසේය.
"මම පොඩි වැඩක්,උඹ class එකට පලයං. මම එන්නම්"
"මොකක්ද #-'$&$* උඹට තියෙන ඔච්චරටම මහ ලොකු වැඩේ?"
"ඇවිත් කියන්නම්. උඹ පලයං " නැවත් පෙර පරිදි සංකේත ටිකක්ය.
මම දුරකතනය විසංධි කොට ඈ දෙස බැලීමි,ඇය මා දෙස බලාගත්වනම සිනාසෙයි.
"කව්ද යාලුවෙක්ද කතා කලේ? කුසල් අයියා නෙවේ නේද?"
දෙවියනේ,ඇය හැඩය,කෙලිලොල්ය,කුළුපඟය.ඒත් ඇය උනන්දු වන්නේ මා ගැනද කුසලා ගැනද,මට සෑහෙන ප්රශ්නයකි.
"අයියෝ නෑ නංගි,මේ වෙන කෙනෙක්,කුසල් දැන් මෙහෙ නෑ...එයා CINEC එකේ Course එකක් කරනවා දැන්."
"ආ.....එහෙමද,"
ඇගේ මුහුණ මළානික වී ගියාක් වැනිය,ඉන්පසු තත්පර දෙක තුනක නිහැඬියාවක් පැවතිණි.ඒත් සමගම කොහෙදෝ සිට ඉගිලී ආ සිහිල් සුළං රැල්ලක් විසින් ළැම වසා සිටි ඇගේ කෙස් රොදක් ඉවත් කෙරිණි,ඇයට එය ගානක් නැතිය.කාලය නැවතී ඇති සෙයකි,ඇය සෑහෙන කල්පනාවකය.සමාවෙන්න හිතවත් පාඨකය,මම වලත්තයෙක් නොවෙමි.දුටු දේ පමණක් ලියමි.
"අයියා,මට උදව්වක් කරන්න පුලුවන්ද?"
ඇයගේ පැනයෙන් මම නැවතත් පියවි ලොවට පැමිණියෙමි.
"මොකක්ද නංගී,කියන්න"
"ඇත්තටම කියනවානම් අයියේ මම කුසල් අයියට කැමතී,අනේ තරහ නැතුව මට එයාගෙ නම්බර් එක දෙනවද,ලොකු උදව්වක්"
ඇයගේ මුහුනේ ඇත්තේ දුක්බර ස්වභාවයකි.මටද දුක සිතුණි,මැය "තරහා නැතුව" යැයි පැවසුවේ ඇයි,මා ඇයට කැමති බව ඇයට තේරී ඇති සෙයකි.අපි එක සෙට එකේ කොල්ලෝය.කුසලාට හරි යනවා යනු අපිට හරි යනවා වැනිය.
"මෙන්න නංගී නර්ම්බර් එක"
මම ඇයට ජංගම දුරකතනයේ තිරය පෙන්නමින් පැවසීමි,
"අනේ තෑන්ක්ස් අයියේ...ගොඩක් පිං"
ජංගම දුරකතනය සාක්කුවට ඔබාගත් මම මහ පාර වෙත පය තැබුවෙමි.